හදිසි විදුලි බිඳ වැටීමට හේතුව විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරැද්දක් - ජනපතිගේ තීන්දුව ප්‍රකාශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරැද්දක් - ජනපතිගේ තීන්දුව ප්‍රකාශයට

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරැද්දක් - ජනපතිගේ තීන්දුව ප්‍රකාශයට

ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳ වැටීමට හේතුව විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරැද්දක් බව ඒ පිළිබඳ විමර්ශනය කළ කමිටු වාර්තාවේ සඳහන් වේ.

පසුගිය 17 වැනි දා දහවල් 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතිය හදිසි බිඳ වැටීමකට ලක්වුණේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයට යාබද ප්‍රධාන විදුලි උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.

විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය 8ක පමණ කාලයක් ගතවු අතර පසුව නොරොච්චෝලේ බලාගාරය සක්‍රීය වනතුරු තාවකාලිකව කාල සටහනක් ඔස්සේ විදුලි සැපයුම විසන්ධි කිරීමට ලංකා විදුලිබලමණ්ඩලයට සිදුවී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ කමිටුවේ වාර්තාව පසුගිය දා විදුලිබල අමාත්‍යවරයා වෙත භාරදුන් අතර ඊයේ (26) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමටද එය ඉදිරිපත් කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරය වැනි තවත් බලාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය ලංකාව තුළ භාවිතා කිරීම පිළිබඳ පියවර ගන්නා ලෙසයි.

මේ අතර පුනර්ජනනීය බලශක්ති පිළිබඳ වාර්තාවක් සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ලබා දීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එකඟවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad