මැතිවරණ නීති උල්ලංඝණය කලොත් පොලිසිය වීඩියෝ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

මැතිවරණ නීති උල්ලංඝණය කලොත් පොලිසිය වීඩියෝ කරයි

මැතිවරණ නීති උල්ලංඝණය කලොත් පොලිසිය වීඩියෝ කරයි

මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව සෑම පොලිස් කොට්ඨාශයකටම කැමරා ලබා දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සඳහන් කළේය.

යම් අයුරින් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වීඩියෝ සාක්ෂි ලෙස මෙය යොදා ගන්නා බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

මේ අතර ජන්දය ප්‍රකාශයට පත් කිරිමට යොදා ගන්නා ලබන ජන්ද මධ්‍යස්ථාන 12,984ක ආරක්ෂාව සඳහා නිලධාරින් දෙදෙනා බැගින් 25,998ක් යොදවා ඇති බවත් ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන 64ක ආරක්ෂාව සඳහා පොලිසිය නිලධාරින් 3328ක් යොදවා තිබෙන බවත් එක් ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයක් සඳහා නිලධාරින් 52ක් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

සෑම ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයක පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 45 දෙනා බැගින් යොදවා ඇති බව පැවසූ පොලිසිය මාර්ග බාධක 121ක් දිවයින පුරා ස්ථානගත කර ඇති බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad