මින්පසු හැඳුනුම්පත්, පාස් පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

මින්පසු හැඳුනුම්පත්, පාස් පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන්

 ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුලූ රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ එම අමාත්‍යාංශයේ ඊයේ(25) පැවති සාකච්ඡාවකදියි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබුණා.

එහි මූලික පියවරක් ලෙස විදෙස් ගමන් බලපත්‍රය මුද්‍රණයට අවශ්‍ය පහසුකම් පළමුව ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මේ වනවිට මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය වනවා.

ඉදිරියේදි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යොදාගෙන ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර මුද්‍රණය මගින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවයි ඔහු එම සාකච්ඡාවේදී දැනුම් දී ඇත්තේ.



No comments:

Post a Comment

Post Bottom Ad