මෛත්‍රීපාලගේ ගෙදරට පොලිසිය ඇතුළු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

මෛත්‍රීපාලගේ ගෙදරට පොලිසිය ඇතුළු වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවෙසට පොලිස් කණ්ඩායමක් මේ වනවිට ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙසේ පැමිණ ඇත්තේ පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වන අතර පාස්කු ප්‍රහාරය මුල්කරගෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම පිරිස ගොස් ඇති බව දැනගන්නට ඇත.

හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබුණි.

නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත්, සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad