කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේ කොටි ආයුධ සෙවූ පළමු අදියර අවසන් - ගිනි අවි, බෝම්බ හා නිලඇඳුම් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේ කොටි ආයුධ සෙවූ පළමු අදියර අවසන් - ගිනි අවි, බෝම්බ හා නිලඇඳුම් හමුවෙයි

කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේ කොටි ආයුධ සෙවූ පළමු අදියර අවසන් - ගිනි අවි, බෝම්බ හා නිලඇඳුම් හමුවෙයි

කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද ප්‍රදේශයක සිදුකරන ලද කැනීම් පළමු අදියර අවසන් බවටත් එහිදී කොටි සංවිධානය සතු ගිනිඅවි , බෝම්බ හා නිලඇඳම් තොගයක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

පසුගියදා මුහමාලෙයි බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි විදෙස් සංවිධානයක සාමාජිකයින් හට පළමුව කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනි අවි කොටස් කිහිපයක් සමගින් මිනිස් අස්ථි කිහිපයක්ද හමු විය.

අනතුරුව මේ පිළිබඳව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතා වෙතට දැනුම් දීමෙන් පසුව ඊයේ (26) දින මහේස්ත්‍රාත් වරයාගේද ප්‍රධානත්වයෙන් අදාල ස්ථානයේ කැනීම් කිරීමට කිලිනොච්චිය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.

අදාල කැනීම් වලදී කොටි සංවිධානයේ සාමාජිකාවක විසින් ගෙලෙහි පළඳින ලද ත.වී.පූ. 0164 නමින් වූ අංක තහඩුවක් සමග ටී.56 ගිනිඅවි 03 ක්, මැගසින් 08, විවිධ වර්ගයන්ට අයත් ගිනිඅවි උණ්ඩ 80 ක්, කොටි සංවිධානයට අයත් නිලඇඳුම් කිහිපයක් , අත්බෝම්බ දෙකක් හා මිනිස් ඇටසැකිලි බවට සැකකෙරෙන් අස්ථි කොටස් කිහිපයක් වශයෙන් හමු වී ඇත.

යුද සමයේදී කොටි සංවිධානයේ නායිකාවක් ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මිය යාමෙන් පසුව එම සාමාජිකයා ආයුධද සමගින් මෙම ස්ථානයේ වලදමන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය සැක පල කර සිටියි.

මේ අනුව පළමු අදියරේ කැනීම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් වූ අතර නැවත එලඹෙන ජුනි මස 02වනදා දෙවන අදියර යටතේ කැනීම් සිදු කිරීමට නියමිත බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad