ලේකම්ගේ කැත හැසිරීමට ඇමතිගෙන් දඩුවමක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

ලේකම්ගේ කැත හැසිරීමට ඇමතිගෙන් දඩුවමක් (VIDEO)

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් රුවන් විජේසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යය වජිර අබේගුණවර්ධන මහතා තීරණය කොට තිබේ.

ඒ “සාධාරණය සඳහා වූ ජන පවුර” නම් සංවිධානය පසුගිය 29වන දා අනුරාධපුර ධර්මාලංකාර ධර්මායතනයේ දී කැඳවා තිබූ රැස්වීමට අනුරාධපුර නාගරික කොමසාරිස් රෝහණ සම්පත් ධර්මදාස සහ  අදාළ ප්‍රාදේශීය ලේකම් රුවන් විජේසිංහ යන මහත්වරුන් ආරාධනයකින් තොරව පැමිණ එම රැස්වීම කඩාකප්පල් කොට අශෝභන අන්දමින් හැසිරීම හේතුවෙනි.

මොවුන් එම රැස්වීමට අනාරාධිතව පැමිණ එහි සිටි පිරිස අමතා අදහස් දක්වා ඇති අතර ඉන්පසු ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ අදාළ ප්‍රාදේශීය ලේකම්රයා එහි සිටි භික්ෂූන් වහන්සේලාට සහ පිරිසට අශෝභන අන්දමින් බැණ වැදී තිබේ.

මේ සම්බන්ධයෙන් එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය රත්ගම සමිත හිමි ඇතුළු පිරිසක් විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට ඊයේ (01) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම සංවිධානයේ පිරිසක් විසින්  අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ හැසිරීම ඇතුළත් වීඩියෝ පටය ද අමාත්‍යවරයාට පෙන්වා ඇති අතර ඒ අනුව අමාත්‍යවරයා එම අවස්ථාවේදීම ඔහුව සේවයෙන් ඉවත් කොට තිබේ.

වීඩියෝව පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad