සිමෙන්තිත් රු.60කින් වැඩි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

සිමෙන්තිත් රු.60කින් වැඩි වෙයි

ජුනි පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි සිමෙන්ති මිල ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනූව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60කින් ඉහළ නැංවීම සඳහා සමාගම් 05කට අවසර ලබාදුන් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

හොල්සිම්, ටෝකියෝ, සිංහ, රෆාජ් මහවැලි සහ අල්ට්‍රාටෙක් යන සමාගම් 05 විසින් ජුනි පළමුවනදා සිට ඇසුරුම් කෙරෙන සිමෙන්ති වර්ගවල මිල මෙලෙස ඉහළ නැංවීමට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව දැනට රුපියල් 870ක් වන සිමෙන්ති කොට්ටයේ උපරිම මිල රුපියල් 930ක් දක්වා ඉහළ යනවා.

No comments:

Post a Comment

Post Bottom Ad