සිම්බාබ්වේ ක්‍රිකට්වල ලොකු පෙරළියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

සිම්බාබ්වේ ක්‍රිකට්වල ලොකු පෙරළියක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා නායකයා ඉවත් කළ බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ පසුගිය පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව කළ සමාලෝචනයකින් අනතුරුව යි. මෙලෙස ඉවත් කර ඇත්තේ ප්‍රධාන පුහුණුකරු ඩේව් වට්මෝර් හා නායක හැමිල්ටන් මසකඩ්සා.

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය. ඒ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විශේෂ කමිටුවක් විමර්ශනයක් ආරම්භ කළේ ය.

එම විමර්ශනයේ වාර්තාවට අනුව මොහුන් දෙදෙනාව ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මේ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වයට ග්‍රැහැම් ක්‍රෙමර් පත් කර ඇති අතර හිටපු දකුණු අප්‍රිකා ක්‍රීඩක මකායාන්ටිනි අන්තර්වාර පුහුණුකරු ලෙස පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad