තොණ්ඩමන්⁣ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන්න - තිගාම්බරම්ගෙන් ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

තොණ්ඩමන්⁣ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන්න - තිගාම්බරම්ගෙන් ඉල්ලීමක්

තොණ්ඩමන්⁣ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන්න - තිගාම්බරම්ගෙන් ඉල්ලීමක්

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන්නැයි හිටපු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ඉල්ලීමක් කරයි.

පලනි තිගාම්බරම් හිටපු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින්,

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිළිබඳව ලංකා කම්කරු පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.

කෘතහස්ත දේශපාලඥයෙකු වූ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය වැවිලි ප්‍රජාවට ඉමහත් පාඩුවකි. ඒ මහතා දශක කිහිපයක් තිස්සේ වැවිලි ප්‍රජාව උදෙසා සිය සේවය නොපිරිහෙලා ඉටුකරන ලදි.

මා හා එතුමා අතර දේශපාලනික මතභේද පැවිතිය ද කිසි විටෙක පෞද්ගලික මත භේදයක් නොතිබිණි. ඒම නිසා මා රජයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය ගෞරව සහිතව එතුමාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකරන ලෙසයි.

එමෙන්ම එතුමාගේ පවුලේ සැමටත්, පක්ෂයේ සැමටත් මේ මොහොතේ මාගේ හදපිරි ශෝකය ප්‍රකාශ කරමි.

හිටපු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා,
ලංකා කම්කරු සංගමයේ සහ ලංකා කම්කරු පෙරමුණේ නායක

No comments:

Post a Comment

Post Bottom Ad