දෙකට බෙදුණු එජාපය කා කොටා ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

දෙකට බෙදුණු එජාපය කා කොටා ගනී

දෙකට බෙදුණු එජාපය කා කොටා ගනී

එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 100කට ආසන්න පිරිසකට විනයානුකූල පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කිරීමත් සමඟ දෙපාර්ශවය අතර දරුණු වාග් ප්‍රහාරයන් මෙන්ම මාධ්‍ය ප්‍රකාශ නිකුත් වීමට පටන් ගෙන තිබේ.

දෙපාර්ශවයේම මහා ලේකම්වරුන් දෙදෙනා ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

එජාප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් හා සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම  බණ්ඩාර යන මහත්වරුන් එකිනෙකාට අභියෝග කරගනිමින් හා චෝදනා නගමින් මෙසේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ.

සමගි ජන බලවේගය පිහිටුවීම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියකින් තොරව සිදු වූවක් බවට කාරියවසම් මහතා චෝදනා කරන අතර අතේ ඇඟිලි ගණනේ තරමටවත් ආසන දිනා ගැනීමට නොහැකි පිරිසක් කරන ප්‍රකාශ වැදගත් කමක් නැති ඒවා බව මද්දුම බණ්ඩාර මහතා පේනවා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad