රවුෆ් හකීම් සිංහල අපේක්ෂකයන්ට මුදල් බෙදන්නේ ඇයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

රවුෆ් හකීම් සිංහල අපේක්ෂකයන්ට මුදල් බෙදන්නේ ඇයි?

රවුෆ් හකීම් සිංහල අපේක්ෂකයන්ට මුදල් බෙදන්නේ ඇයි?

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සිංහල අපේක්ෂකයන්ට මුදල් බෙදීම සැක සහිත කටයුත්තක් බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දී තිබෙන හකීම් මහතා එම බලවේගයෙන් තරග කරන සිංහල අපේක්ෂකයන්ට මෙසේ මුදල් බෙදා දෙන්නේ කුමන අරමුණකින්ද යන්න ප්‍රශ්නයක් වී තිබේ.

සිංහල අපේක්ෂකයන් හකීම් මහතාට මනාපයක් ලබා දෙන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටීමට නොහැකි අතර එසේම මනාපයක් ලබා දෙන ලෙස ඉල්ලා නොසිටින පදනමක් තුළ මෙසේ මුදල් ලබා දුන්නේ සිංහල අපේක්ෂකයන් එකිනෙකා අතර ප්‍රශ්න ඇති කරවීමට බවද චෝදනා එල්ල වේ.

No comments:

Post a Comment

Post Bottom Ad