ලකුණ නෙමෙයි ප්‍රතිපත්තියි වැදගත් - රංජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2020

ලකුණ නෙමෙයි ප්‍රතිපත්තියි වැදගත් - රංජිත්

ලකුණ නෙමෙයි ප්‍රතිපත්තියි වැදගත් - රංජිත්

ලකුණ නොව ප්‍රතිපත්ති වැදගත් බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ නායකයින් ඇතුළු සාමාජිකයින් අතර හමුවක් පැවැත්විය.

ඒ එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රශ්නය - මොකක්ද මේ සාකච්ඡාව කාගේ ප්‍රධානත්වයෙන්ද තිබ්බේ?

මෙයට පිළිතුරු දුන් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියේ, විපක්ෂ නායක හා සන්ධාන නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඉදිරි මැතිවැරණය ගැන මෙවැනි සාකච්ඡා දිනපතා පවත්වන බවයි.

ප්‍රශ්නය - සලකුණ ගැන සාකච්ඡා කළේ නැද්ද?

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරව මේ ගැන තීරණය කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබතුමාලට කාලය ඇති වෙයිද?

“ඒකනේ වැඩේ පටන් ගත්තේ“ යනුවෙන් ද මෙහිදී කියා සිටියේය.

ප්‍රශ්නය - මොනවගේ සලකුණක්ද දැන් එන්නේ? අලියයි හංසයයි දෙකම නැති වෙන විදියක්නේ තියෙන්නේ?

එලෙස කිසිවෙකුටත් පැවසිය නොහැකි බවත් එසේ පවසන්නේ කවුරුන් ද යන්නත් අසා සිටි මන්ත්‍රීවරයා, 

ලකුණ නොව ප්‍රතිපත්ති වැදගත් බව ද මෙහිදී පැවසීය.

ප්‍රශ්නය - දැන් සන්ධානයෙන් TNA , මුස්ලිම් කොංග්‍රසය වෙන වෙනම ඉල්ලන්න හදනවා?

කිසිවෙකු හැලෙන්නේ නැතැයි පැවසු මන්ත්‍රිවරයා, තව වැඩි වෙනවා පමණක් බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad