සියලු අධිකරණ ඩිජිටල් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2020

සියලු අධිකරණ ඩිජිටල් වෙයි

සියලු අධිකරණ ඩිජිටල් වෙයි

සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර ඇතැයි අධිකරණ මානව හිමිකම් සහ නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඊට සමගාමීව අධිකරණ ක්‍ෂේත‍්‍රයේ නියුතු සියලුම පුද්ගලයන්ට පරිගණක දැනුම ලබාදීමට කටයුතු කරන බවද එමෙන්ම නඩු ප‍්‍රමාදවීම පිළිබඳව සමාලෝචනය කර ප‍්‍රමාදය වැළැක්වීම සඳහා අලුත් ක‍්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

දික්කසාද නඩු විසඳීම සඳහා විශේෂ ක‍්‍රමවේද හඳුන්වාදෙන බවද ඔහු සඳහන් කළේය.

විනිසුරුවරුන්ට කාර්ය මණ්ඩලවලට හා අධිකරණයට පැමිණෙන ජනතාවගේ සනීපාරක්‍ෂක කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.      

 

No comments:

Post a Comment

Post Bottom Ad