"රංජන්ලාගේ වචන ජනප්‍රිය වෙන්න භාවිතා කිරිමෙන් රටම කැළඹනවා" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 19, 2020

"රංජන්ලාගේ වචන ජනප්‍රිය වෙන්න භාවිතා කිරිමෙන් රටම කැළඹනවා"

රන්ජන් රාමනායක වැනි අයගේ වචන දේව වාක්‍ය හැටියට සළකා ජනමාධ්‍ය ජනප්‍රියවිම සඳහා ගන්නා  උත්සාහයේ ප්‍රතිඵල විසින් මුළු රටම කළඹවන්නේ යැයි ශ්‍රි ලංකා රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ගාල්ල ලබුදුවේ දී පැවති පුරන්කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනකට සහභාගී වෙමින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද කීහ.

‘ඇත්තටම වැදගත් වෙන්නේ ඔහු වැරදි ක්‍රියාවක් නිතිවිරෝධි ක්‍රියාවක් කරලා තියෙනවා නම්  වහාම මේ රටේ නිතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඒවා ප්‍රචාරය කර කර ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ වගේ සිද්ධින්  උපක්‍රමශිලිව කරන වැඩද කියා හිතෙනවා ජනතාව මුහුණ දෙන සත්‍ය ප්‍රශ්න  ප්‍රායෝගික ප්‍රශ්න වසන් කරලා අනවශ්‍ය දේවල්වලට මිනිසුන්ගේ අවධානය යොමු කිරිම සදහා වු  උපාය උපක්‍රමයක් බව අපට පේනවා. රන්ජන් රාමනායකගේ හෝ  වෙනත් අයකුගේ හෝ හඬපට  නැතිනම් වෙනත් ප්‍රශ්නයක් පිළිබඳ නිතිවිරෝධි ක්‍රියාවන් වෙනවා නම් එයට විරුද්ධව  නිතිය ක්‍රියාත්මක විය යුතුයි. එක රසකර කර තළු මර මර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. පුරන්කුඹුරු අස්වැද්දීම පිළිබඳ මේ වගේ දේවල්වලට ප්‍රචාරය දෙන්න. රන්ජන්ලාගේ කථා අපිට වැඩක් නැහැ. අනවශ්‍ය කරුණු කෙරෙහි ජනතාවගේ  කථිකාවන් ඇති කිරිම සම්බන්ධව පළමු චෝදනාව එල්ලවන්නේ ජනමාධ්‍යයට.  ජනමාධ්‍ය මේ තියෙන සිද්ධින්  අනවශ්‍ය ලෙස ප්‍රචාරය කිරිම මගින්  බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad