රජිනි කාන්ත්ගේ වීසා ප්‍රතික්ෂේප කළ කතාව බොරු – නාමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 19, 2020

රජිනි කාන්ත්ගේ වීසා ප්‍රතික්ෂේප කළ කතාව බොරු – නාමල්

රජිනි කාන්ත්ගේ වීසා ප්‍රතික්ෂේප කළ කතාව බොරු – නාමල්

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් මහතාට ශ්‍රී ලංකාවට පැමිණීම වීසා ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් නාමල් මහතා සදහන් කර ඇත්තේ රජනි කාන්ත්ගේ පැමිණීමට බාධා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

රජිනි කාන්ත් මහතාගේ රසිකයන් විශාල ප්‍රමාණයක් මෙරට සිටින බවත් තමා මෙන්ම තමාගේ පියාද ඔහුගේ සිනමා රසිකයන් බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහුට මෙරටට පැමිණීමට අවශ්‍ය නම්, ඒ සඳහා රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හෝ කිසිදු බාධාවක් නොමැති බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad