ජනපතිට විරුද්ද නඩු ෆයිල් අරන් NGO ලොක්කී රට පනී.. ස්විට්සරලන්තයත් පැටලේ.. පැන ගිය කන්නදප්පාද හවුල් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 18, 2020

ජනපතිට විරුද්ද නඩු ෆයිල් අරන් NGO ලොක්කී රට පනී.. ස්විට්සරලන්තයත් පැටලේ.. පැන ගිය කන්නදප්පාද හවුල් !

නපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදා ප්‍රධානියාට සම්බන්ධ නඩුවලට අදාළ රහස්‌ ලියවිලි බව දක්‌වන ලියවිලි තොගයක්‌ රැගෙන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තාවක්‌ බ්‍රිතාන්‍යයට පැමිණ ඇත. ඇය ලන්ඩන් නුවර චානට්‌ හවුස්‌ නමැති මධ්‍යස්‌ථානයට පැමිණ මේ රහස්‌ ලියවිලි ගැන හෙළිකර තිබේ.

ශ්‍රී ලංකාවෙන් පලාගිය රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා සමග දැඩි මිත්‍රත්වයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති මේ කාන්තාව ලන්ඩන් නුවර බෙදුම්වාදී කාන්තාවක්‌ වූ දර්ශා ජෙගතිස්‌වරන්ගේ නිවසේ පදිංචිව සිටින බව හෙළිවී ඇත.

මෙම රහස්‌ ලියවිලි ප්‍රකාශයට පත්කරන ලෙස චානට්‌ හවුස්‌ අධ්‍යයන ආයතනය කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ.

මුලින්ම ස්‌විට්‌සර්ලන්තයට ගිය ඇය පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad