බැසිල් රාජපක්ෂ 2025 වසරේ ජනධිපතිවරනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 20, 2020

බැසිල් රාජපක්ෂ 2025 වසරේ ජනධිපතිවරනට

ජනාධිපතිවරණයෙන් සති දෙකකට පමණ පසුව ඇමරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ යළිත් ලංකාව බලා පැමිණීමට නියමිතවයි.

එමෙන් ම ඇමරිකාවේ ගත කළ පසුගිය සති කිහිපයේදී ඔහු ‘ඇමරිකානු පුරවැසිභාවය’ අත්හැරීමට අදාළ නෛතික පියවර ගැනීමට ද කටයුතු කළ බව වාර්තා වූ නමුත්, ඔහු මෙවර මහ මැතිවරණය සඳහා නම් තරග නොකරනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග වාර්තා කළා.

එහෙත් වත්මන් ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙකුම බැසිල් අමතමින්, ඔහුගෙන් ඉල්ලා ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය වහාම අත්හැර එළඹෙන මහ මැතිවරණයට සූදානම් වන ලෙසයි.

එහිදී බැසිල් පවසා ඇත්තේ ‘තමන්ට 2020 මහමැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නැති නමුත්, 2025 පිළිබඳ තමන්ට ‘ඉහළ බලාපොරොත්තු’ ඇති බවයි.

පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ 2025 වසරේ විධායක ජනාධිපති පුටුව හෝ විධායක අගමැති පුටුව ඔහු බලාපොරොත්තු වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad