රන්ජන්ට ඉදිරියේදී නීතියෙන් දඩුවමක් ලැබෙයි - වී.රාධාක්‍රීෂ්ණන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 20, 2020

රන්ජන්ට ඉදිරියේදී නීතියෙන් දඩුවමක් ලැබෙයි - වී.රාධාක්‍රීෂ්ණන්

රන්ජන්ට ඉදිරියේදී නීතියෙන් දඩුවමක් ලැබෙයි - වී.රාධාක්‍රීෂ්ණන්

ඉදිරි මහ මැතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අගමැති වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එකට එක්ව වැඩ කිරීමට ඉඩ ලැබුණහොත් එය මෙ රටට සුභදායි අනාගතයක් ඇති වීමට ඉඩ පෑදෙනු ඇතැයි කඳුරට ජනතා පෙරමුණේ නායක, පර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්  මහතා පැවැසීය.

තලවකැලේ, ආගරපතන නගරයේ දී ඊයේ (19) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්ය. 

එහෙදී වැඩි දුරටත් අදහස් දක්වු මන්ත්‍රීවරයා,

"ඉදිරි මහ මැතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කොට අගමැති ලෙස පත්වුවහොත් එය මේ රටට හොඳ දෙයක් ලෙස මා දකිනවා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොද අයෙක්. දෙදෙනාගේම අදහස් හුවමාරු කර ගෙන ඒ දෙන්නගේ අදහස් එකට ගලපා‌ගෙන රටේ සුභ සිද්ධියට වැඩ කිරීමට හැකිවුවහොත් එය මේ රටට  සුභ අනාගතයක් ඇති විය හැකියි. බොහෝවිට එක්සත් ජාතික පක්ෂය දෙකඩ නොවෙනු ඇති. දැනට පොඩි බොඩි අර්බුද ඇති බව පෙනුනත් ඉදිරියේදි මේ දෙගොල්ලම එක මතයකට ඇවිත් සියළුම ගැටළු විසදා ගැනීමට හැකිවනු ඇත. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියන්නේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු නායකයෙක්. ද්‍රඩිඩ ප්‍රගතිශීලි පෙරමුණ  වශයෙන් අප අපේක්ෂා කරනවා   එක්සත් ජාතික පක්ෂය පවතින පොඩි පොඩි ගැටළු ඉදිරි  දින කීපය තුල විසදා ගනු ඇත. රංජන් රාමනායක මහතාගේ හඬපට පිළිබඳව නීතියෙන් කටයුතු සිදු කෙරෙන නිසා අප ඒ සම්බන්ධව අදහස් දැක්වීම නොකල යුතුයී.මෙරට   නීතියට අනුව පරීක්ෂණ කෙරෙන බැවින් ඔහුට ඉදිරියේදී නිසි දඬුවමක් හෝ නිදහස් වීමක් ලැබෙනු ඇත."

"වතු කම්කරු වැටුප් වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට ද්‍රවිඩ ප්‍රගතිශීලි පෙරමුණ වශයෙන් අපි ස්තූතිය රජයට පුද කරනවා. රජය එම වැටුප වතු කම්කරුවාට ලබා දෙනවා නම් එය මුලික වැටුපට එකතු කරන්නේ නම්  එය වඩාත් උචිත වනු ඇත. වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක් දිය යුතු බව අපි කතා කලේ මීට වසර පහකට පමණ පෙරයි. වතු හාම්පුතුන්ට තර්ජනය කිරිමරි  කම්කරු වැටුප ඉහල දැමිය නොහැකිය.එමෙන්ම රජයේ එක්තරා ඇමැතිවරයකුගේ ප්‍රකාශයට අනුව වතු සමාගම් රජයට පවරා ගත කොහැකිය.මේ වන විටත් තේ වතු සියල්ලම ක්‍රියාත්මක වනුයේ පාඩු ලබමින්ය.සේවක වැටුප ගෙවීම ද ගැටළු සහගත තත්ත්වයක පවතින බැවින් ඒය රජයට කල නොහැකි වනු ඇත. සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ වුයේ වතු කම්කරු වැටුප දෛනිකව රුපියල් 1500 ලබාදීමට.එතුයා ආර්ථිකය මෙහෙය වීම අපේක්ෂා කලේ ඒ ආකාරයටය."

No comments:

Post a Comment

Post Bottom Ad