ජාතීවාදී නායකයින් සතුටු කරන්න නෙවේ අපි ඉන්නේ - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 20, 2020

ජාතීවාදී නායකයින් සතුටු කරන්න නෙවේ අපි ඉන්නේ - විමල්

ජාතීවාදී නායකයින් සතුටු කරන්න නෙවේ අපි ඉන්නේ - විමල්

ජාතීවාදී දේශපාලන නායකයින් සතුටු කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව කැපවන්නේ සියලු ජාතීන්ට අයත් ජනතාවට සේවය කිරීමට බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මන්නාරමේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

උතුර - නැගෙනහිර පළාත් වල දැනට පවත්වාගෙන යන සහ වැසී ගොස්  ඇති රජයට අයත් කර්මාන්ත ශාලා පිළිබදව කරුණු සොයා බැලීම සදහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා එම පළාත්හි සිව්දින සංචාරයක නිරතව සිටියි.

ඒ අතරතුර මන්නාරම,සෙල්වාරි ප්‍රදේශයේ ඉදිකළ තල් සංවර්ධන මණ්ඩලයට අයත් නව තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමටද අමාත්‍යවරයා ඊයේ එක්වුණි.‍

No comments:

Post a Comment

Post Bottom Ad