bond case - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

bond case

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් කෝප් කමිටුවේ කටයුතුවලට අවහිරතා සිදුවන බවට ඉදිරිපත් වන චෝදනා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරනවා.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ පාර්ලිමේන්තුව නැවත රැස්වූ පසු කෝප් කමිටුවට එහි විමර්ශන ඉදිරියට සිදුකර ගෙන යා හැකි බවයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් ප‍්‍රශ්නගත බැඳුම්කර ගනදෙනුව සම්බන්ධයෙන් විමර්ශන ද යටපත් විය හැකි බව ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් පැවසුවා.

ඒ අනුව පාර්ලිමේන්තු වාර අවසාන කිරීම කිසියම් දේශපාලන ඞීල් එකක්දැයි සැකයක් ද උපදින බවයි මන්තී‍්‍රවරයා එහිදී කියා සිටියේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ඊට සහය දක්වන පක්ෂවල නියෝජිතයින් අතර ඊයේ රාති‍්‍රයේ පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී "දැනට සකස් කරමින් ඉදිරිපත් කර තිබෙන බැඳුම්කර වාර්තාව ක්‍රියාත්මක කර ගැනීමට රජයට පුළුවන්. ඒ පිළිබඳ කරන කටයුතු කිසිවක් නවතින්නේ නෑ. පාර්ලිමේන්තුවට ඒ බලය රැස්වුණු විගස තියෙනවා. බැඳුම්කර විතරක් නෙමෙයි තවත් විශාල වංචා රාශියක් හැම අමාත්‍යාංශයකින්ම මේ වන විට හෙළි වී තිබෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ විපක්ෂ නායකවරයා ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගන්නා බව කතානායකවරයා ප‍්‍රකාශ කර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad