ජනාධිපති පාස්කු ප්‍රහාර ගැන සොයන කොමිසමේ සාමාජිකයන් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

ජනාධිපති පාස්කු ප්‍රහාර ගැන සොයන කොමිසමේ සාමාජිකයන් හමුවෙයි

ජනාධිපති පාස්කු ප්‍රහාර ගැන සොයන කොමිසමේ සාමාජිකයන් හමුවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) පස්වරුවේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසමේ සාමාජිකයින් හමුවී අදහස් හුවමාරු කර ගත්තේය.

ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාවය එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමාගේ අභිලාෂය එය බවද ජනාධිපතිවරයා එම කොමිසමේ සමාජිකයින් හමුවේ පැවසීය.

ඉකුත් පාලන සමයේදී ජාතික ආරක්ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳ වැටුණු බවද එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත වීම නතර කිරීමට නොහැකි වූ බවද  එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad