sri lanka president in india - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

sri lanka president in india

ශ්‍රී ලංකාවේ බලයට පත් වී සිටින නව රජය 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව යුක්තිය නිදහස සහ ගෞරවය සම්පූර්ණ කිරීම සදහා සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි ද තමන් විශ්වාස කරන්නේ යයි ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග විස්තරාත්මකව කතා කල බවත් ඔහුගේ දේශපාලන දැක්ම තමන් සමග පැවසූ බවත් ඉන්දීය අගමැතිවරයා සදහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා එක්ව සිදුකරන මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

නව ජනාධිපතිගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් පූර්ණ සහාය දෙන බවද කී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඩොලර් මිලියන 400ක මුදලක් අඩු සහණ නය ප‍්‍රධානයක් ලෙස ශ‍්‍රී ලංකාවට පිරිනමන බවද පැවසුවේය.

එමෙන්ම තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ත‍්‍රස්තවාදය මැඩලීම වෙනුවෙන් ලබාදෙන බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad