සෞඛ්‍ය ලේකම් ධූරයට සුදුස්සා පාදෙනියයි - GMOA - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

සෞඛ්‍ය ලේකම් ධූරයට සුදුස්සා පාදෙනියයි - GMOA

සෞඛ්‍ය ලේකම් ධූරයට සුදුස්සා පාදෙනියයි - GMOA

සෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සෞඛ්‍ය ලේකම් තනතුරට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන බවත් එම තනතුර ලැබුනහොත් එය සතුටින් භාරගන්නා බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය දියුණු කිරීමට තම පරිපාලන වෙනසක් ඇතිවිය යුතු බවත් එසේ නොමැතිව පරණ දූෂිතයින් සමග මෙම කටයුතු සිදුකල නොහැකි බවද ඊයේ (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad