නාමල්ට විදේශ ගතවීමට අවසර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

නාමල්ට විදේශ ගතවීමට අවසර

නාමල්ට විදේශ ගතවීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදලි විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට විදේශ සංචාරයක යෙදීමට අවශ්‍ය වී තිබෙන බවයි.

ඒ සඳහා දැනට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා එහෙත් ඒ පිළිබඳව  අධිකරණය දැනුවත් කිරිම සඳහා මෙම මෝසම ගොනු කළ බව දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලබන පෙබරවාරි මස 10 වනදා දක්වා නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් අතර එදින නඩු විභාගයට ගන්නා බව නියම කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad