කොළඹ ස්විස් එම්බසියේ නිලධාරිනියක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින් - ස්විට්සරලන්තයෙන් නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

කොළඹ ස්විස් එම්බසියේ නිලධාරිනියක් සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින් - ස්විට්සරලන්තයෙන් නිවේදනයක්

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජකාරියේ නියුතු නිලධාරීන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට අන්තර්ජාලය ඔස්සේ වාර්තා පළ වේ.

පැහැරගෙන ගොස් පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු ඇය මුදා හැර ඇති බව ද සඳහන්ය.

මෑතකදී ස්විට්සරලන්තයට පලාගිය මෙරට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ නිශාන්තද සිල්වා සම්බන්ධයෙන් ඇයගෙන් විමසා ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමට ශ්‍රී ලංකාව වහා පියවර ගත යුතු බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද දැනුවත් කර ඇතැයි නිවේදනයේ දැක්වෙයි.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad