තිස්ස අත්තනායකගෙන් කරුණු පැහැදිලි කිරීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

තිස්ස අත්තනායකගෙන් කරුණු පැහැදිලි කිරීමක්

තිස්ස අත්තනායකගෙන් කරුණු පැහැදිලි කිරීමක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අරලියගහ මන්දිරයේ සිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු මුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබා නොදුන් බවට තමන් කිසිදු විටෙක ප්‍රකාශයක් කර නොමැති බව වොක්ෂෝල් පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයේ සිට මැතිවරණය මෙහෙයවූ තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ඒ මහතා එසේ පැවසුවේ "රනිල් මහ බැංකුවට විද්ද විදිහටම සජිත්ගේ ජනපතිවරණ මුදල්වලටත් විදලා" යන මැයෙන් පල වූ ප්‍රවෘත්තියේ ඔහුගේ නම සඳහන් වීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

ඒෂියන් මිරර් සටහන - අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට ව්‍යාපාරිකයන් විසින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබා දුන් අතර එම මුදල් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ලැබුණු බව ඒෂියන් මිරර් වාර්තා කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊට පෙර මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනි. එම ප්‍රකාශය අදාළ ප්‍රවෘත්තියේ අවසන් ජේදයේ පළ වී තිබේ. මේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා යම් අපහසුත්වයකට පත් වුයේ නම් ඒ පිලිබඳ කණගාටුව පළ කරමු.

No comments:

Post a Comment

Post Bottom Ad