ජනපති අද ඉන්දියාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

ජනපති අද ඉන්දියාවට

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරය තුළදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කොව්න්ද් මහතා හමුවීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

ඊට අමතරව ජනාධිපතිවරයා ඉන්දීය රජයේ නියෝජිතයින් සමග ද සාකච්ඡා පැවැත්විමට සැලසුම් කර ඇත.

ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad