රාජ්‍ය ආයතවල පත්කිරීම් දෙන තේරීම් මණ්ඩලය පත්කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

රාජ්‍ය ආයතවල පත්කිරීම් දෙන තේරීම් මණ්ඩලය පත්කරයි

රාජ්‍ය ආයතවල පත්කිරීම් දෙන තේරීම් මණ්ඩලය පත්කරයි

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ නිලධාරීන් පත්කිරීම පිළිබඳව සළකා බලන තේරීම් කාරක මණ්ඩලය පත්කර තිබේ.

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජොන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක හා හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානී ඩයන් ගෝමස් යන අයගෙන් මෙම තේරීම් කාරක මණ්ඩලය පත්කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේදී එය සළකා බැලීමට තේරීම් කාරක මණ්ඩලයක් පත්කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad