කාත්තන්කුඩියටත් නීතිය අකුරට ක‍්‍රියාත්මකයි - හෙල්මට් නැත්නම් දඩ කොල නෑ - කෙලින්ම උසාවි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

කාත්තන්කුඩියටත් නීතිය අකුරට ක‍්‍රියාත්මකයි - හෙල්මට් නැත්නම් දඩ කොල නෑ - කෙලින්ම උසාවි

නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි හා ඒ ආසන්න ප්‍රදේශවල හිස්වැසුම් රහිතව යතුරු පැදිය ධාවනය කරන්නන් නීතියට කොටුකර ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් වැඩිකර තිබේ.

කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරන්නේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන්න දඩ පත්‍රිකා නිකුත් නොකර කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඉකුත් දින කිහිපයේ දී එවන් පුද්ගලයන් 50 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රදේශයන්හි කලක සිට හිස්වැසුම් නොමැතිව යතුරු පැදිය ධාවනය පෙළඹී සිටියහ.

මෙම මෙහෙයුම් වැඩි කර ඇත්තේ රටපුරා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad