අපිට ආගම අදහගෙන ඉන්න අවස්ථාව දෙන්න - ඥානසාර හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

අපිට ආගම අදහගෙන ඉන්න අවස්ථාව දෙන්න - ඥානසාර හිමි

අපිට ආගම අදහගෙන ඉන්න අවස්ථාව දෙන්න - ඥානසාර හිමි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහාසංඝරත්නයට හිරිහැර සිදුකළේ සුළුජාතීන්ගේ ඡන්ද ඉලක්ක කරගෙන බවත්, ඊට මහජනතාව නිසි පිළිතුරක් ලබා දුන් බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙන්වා දෙයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) නඩු කටයුත්තක් සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමයෙන් මේ බව පැවසීය.

“නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා. අපිට ආගම අදහගෙන ඉන්න අවස්ථාව දෙන්න. සමථ මණ්ඩලයකවත් විභාග නොකළ යුතු නඩු මේ. මේක අපිට හරිම කරදරයි. පවතින ආණ්ඩුවලට හිසරදයක්වන විට. ඒ අයව අල්ලා ගැටගසා දැමීමට නීති භාවිත කරනවා නම්. එය අපේ මූලික අයිතිවාසිකම් කඩවීමක්. බරපතළ ප්‍රශ්නයක අපි ඉන්නවා. භික්ෂූන්ට අපහාස කරමින්. සාරධර්මවලට ගරහමින්. ඒ කළේ සුළු ජනවර්ගවල ඡන්ද ගන්න.ඒකට හොඳ උත්තරයක් ජනතාව ලබාදීලා“

No comments:

Post a Comment

Post Bottom Ad