පසුගිය ජනාධිපතිවරනයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු මුදල් සොරකම් කළේ යැයි එම කණ්ඩායම තුළ බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ප්‍රබලයන් දෙදෙනෙකු වන මලික් සමරවික්‍රම සහ තිස්ස අත්තනායක යන දෙදෙනාම එකිනෙකාට ප්‍රසිද්ධියේ චෝදනා කරගනිමින් සිටිති.
මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් එම අරමුදල් අවභාවිතා කළ ඇති බව තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.
නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සමරවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ මෙම සියලු අරමුදල් වොක්ෂෝල් වීදියේ ජනාධිපතිවරණ ප්‍රචාරක මූලස්ථානයට ලබාදුන් බවත් තමන් කිසිදු අවස්ථාවක එම ස්ථානයට නොගිය බවත්ය.
අදාල මුදල් භාරව සිටියේ තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් ද ඔහු සඳහන් කරයි.
Thursday, November 28, 2019
සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment