අද සිට දිස්ත්‍රික්ක 6 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

අද සිට දිස්ත්‍රික්ක 6 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්


ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොළඹ, ගම්පහ, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 06ක් කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද සහභාගී වන බවයි.

එම ඩෙංගු මර්ධන වැඩසටහන අද සිට දින 06 ක් පුරා ක්‍රියාත්මක කෙරෙන බව ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළා.

වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු මිය ගොස් ඇති අතර, වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 කට අධික යි.

No comments:

Post a Comment

Post Bottom Ad