ජාතික ජනතා බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කරන බව පසුගිය සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කළ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා යළි එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ජයම්පති වික්‍රමරත්න මහතාගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇති.
ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධුරය දරන එක්සත් වාමාංශික පෙරමුණ ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතාට සහාය පළ කිරීමට සිය මධ්‍යම කාරක සභාවේදී තීන්දු කර තිබුණු අතර ජයම්පති වික්‍රමරත්න මහතා ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ අනුරට පළමු මනාපයත් ගෝඨාභය රාජපක්ෂට එරෙහි ශක්තිමත් අපේක්ෂකයාට දෙවන මනාපයත් දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.
කෙසේවෙතත් පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා සිය තීරණය යළි වෙනස් කර ඇති බව සඳහන්.
Sunday, October 13, 2019
අනුරට සහාය දුන් ජයම්පති ආපසු එජාපය වෙත එයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment