සියළු කලා ශිල්පීන්ගේ සහාය ගෝඨාභයටයි..- ශ්‍රියන්ත මෙන්ඩිස්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 13, 2019

සියළු කලා ශිල්පීන්ගේ සහාය ගෝඨාභයටයි..- ශ්‍රියන්ත මෙන්ඩිස්‌

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා රටේ ජනතාව සමග මුළුමහත් කලා ශිල්පීන් සහාය ලබාදෙන බව ප්‍රවීණ සිනමා නළු ශ්‍රියන්ත මෙන්දිස්‌ මහතා පැවසීය.

අපේ රටේ මුළුමනින් කලා ශිල්පීන් අද අසරණ වෙලා. ඔවුන්ගේ ප්‍රශ්න හරිහැටි විසඳෙන්නේ නැහැ. කලා නිර්මාණ සියල්ලම අද නතර වී තිබෙනවා.

රටේ අද මොනවද වෙන්නේ. මොනවද කරන්නේ කියලා තේරුම් ගන්න බැරිව ජනතාව අද අතරමං වෙලා සිටිනවා. නව යුගයක්‌ කරා යැමට මෙම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරන බව ඉර හඳ වගේ විශ්වාස යෑයි ද හෙතෙම පැවසීය.

නිදහස්‌ කලා සංසදයේ සභාපති සුදත් රෝහණ මහතා – අද කලාව පමණක්‌ නොවෙයි සෑම ක්‍ෂේත්‍රයක්‌ම නතර වෙලා ජනතාව ප්‍රශ්න පිට ප්‍රශ්නවලට මුහුණපාලා සිටිනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී සුසාර දිනාල් මහතා – ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ප්‍රශ්නයක්‌ කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිදහස්‌ කලා සංසදයේ පොදුජන කලා සන්ධාන ගම්පහ දිස්‌ත්‍රික්‌ සංවිධානය පිහිටුවා ගැනීම සඳහා ගම්පහ සුමේධ විදුහල් ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට කලා ශිල්පීහු රැසක්‌ සහභාගි වූහ. එහිදී මෙම අදහස්‌ පළවිණි.

– divaina

No comments:

Post a Comment

Post Bottom Ad