කවුරු බලයට ආවත් ආඥාදායක පාලනයකට ඉඩ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 13, 2019

කවුරු බලයට ආවත් ආඥාදායක පාලනයකට ඉඩ නෑ

කවුරු බලයට පැමිණියද රට තුළ ආඥාදායක පාලනයකට ඉඩ නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (12) තවලතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච්හිදී පැවති නීතීඥ හමුවකදීය.

වැරදිලාවත් ලබන මාර්තු, අප්‍රේල් වෙනකොට මේ රටේ පාලනය ආඥාදායකයෙකු අතට ගියොත් උසාවිය නිශ්ශබ්ද වෙන්න කියලා උසාවියේ කට වහලා, සැකකරුවන්ව තමන්ට කැමති විදියට එළියට දාලා, කැමති විදියට නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවලා, කැමති විදියට අධිකරණ පද්ධතිය මෙහෙයවන පාලකයෙක් ආවොත් ජාතික ජන බලවේගයේ ප්ලෑන් බී එක මොකක්ද? යැයි එහි පැමිණ සිටි නීතීඥරයෙක් අනුර කුමාර දිසානායක මහතා  විමසා සිටියේය.

මෙයට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේය.

"ලොකූ බිල්ලෙක් හදාගන්න එපා. 2015 ජනවාරි 08 වෙනිදා දිගුව බවට ඔතන පත්වෙන්නේ නැහැ. එහෙම කරන්න බැහැ. ඒ වෙනකොට ඒ ගොල්ලෝ මර්ධනයේ තැනක හිටියා. ඒකාධිපතිවයේ තැනක හිටියා. අධිකාරිත්වයේ තැනක හිටියා. වංචාවේ දූෂණයේ තැනක හිටියනේ ස්ථානගතවෙලා. 2015 දිනුවනම් ඒකෙන් ඔබ්බ, එකේම දිගුවක්. හැබැයි නැවත පටන් ගැනීම ඒකේ ඛණ්ඩනයක්. නැවත ජයග්‍රහණය කළොත් ඒක අඛණ්ඩවක් නෙවෙයි 2015 ඛණ්ඩනයක්. ඒක නිසා අවුරුද්දක්, දෙකක්, තුනක්, අපිට කාලය නිශ්චය කරන්න බැහැ. නමුත් නැවත යම් කාලයක් යනවා අරටික හරියට ස්ථානගත කරගෙන අතෙන්ට හරියටම සැලසුම් හදාගෙන. අනුර සේනානායකලා වැනි අයට බස්නාහිර පළාත් භාරදීලා මෙහෙම තියෙනවා සැලසුම් ටිකක්. ඒක නිසා මම හිතනවා ඒකට සැලකියයුතු කලායක් යනවා."

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමග ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා, නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා, නීතිඥ හේමක සේනානායක මහතා, නීතීඥ හර්ෂ නානායක්කාර මහතා සහ නීතීඥ සුනිල් වටගල මහතාද එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad