
යාපනය ඡාවකච්චේරි ප්‍රදේශයේදී යුද හමුදාව හා පොලීසිය විසින් ඊයේ (05) රාත්‍රියේ සදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී යුදහමුදා නිලඇඳුම් හා වෝකිටෝකි (ගමන්කතන) කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි මාර්ග බාධකයකදී සූඛෝපභෝගී කාර්රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ලඟ අවසරයක් නොමැති වෝකිටෝකි 3 ක් හා චාජර් 3ක් තිබී අදාල සැකකරු සමග කාර් රථය පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.
මේ අතර චාවකච්චේරි මුස්ලිම් පල්ලියක් අසල පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා නිලඇඳුම් තොගයක් සමග නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් පවසයි.




(වන්නි රොමේෂ් මධුෂංඛ)
No comments:
Post a Comment