සහරාන්ගේ සොයුරාට උපකාර කළ දෙදෙනෙක් අත්අඩංගුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

සහරාන්ගේ සොයුරාට උපකාර කළ දෙදෙනෙක් අත්අඩංගුව

සහරාන්ගේ සොයුරාට උපකාර කළ දෙදෙනෙක් අත්අඩංගුව
හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී එම සංවිධානයට අයත් භාණ්ඩ හා ලිපි ලේඛන රැසක් ද සොයා ගත් බවයි.
 
සැකසහිත පරිගණක කොටස් සහ ලිපි ගොනු කට්ටල 3 ක් වළ දමා තිබු අතර ඒවා ද පොලිස් භාරයට ගෙන තිබේ.
 
මේ අතර ත්‍රස්තවාදී බෝම්බකරුවෙකු වන සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ට උපකාර කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, රිල්වාන් 2018 වසරේදී බෝම්බ නිෂ්පාදනය කර ඒවා පරීක්ෂා කිරීමට යාමේදී සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි.
 
එම අවස්ථාවේදී අදාළ පුද්ගලයින් දෙදෙනා රිල්වාන් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහුට උදව් උපකාර කර ඇති බවත් හෙළිව ඇතැයි පොලීසිය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad