
කිලිනොච්චිය,මුරුකණ්ඩි ගණදෙවි කෝවිල අසළ නවතා තිබු සැක කටයුතු යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු ඊයේ(05) සවස අත්අඩංගුවට ගත් බව මාන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ අදාළ යතුරුපැදිය ඊයේ උදැසන සිට සවස් වන තෙක් අදාළ යතුරුපැදිය කෝවිල භුමියේ නවතා තිබි ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ලද තොරතුරක් මත අදාළ යතුරුපැදිය සොයාගත් බවයි.
පසුව ඊයේ සවස් කාලය වන විට යතුරපැදිය සොයා පුද්ගලයෙකු යතුරුපැදිය අසළට පැමිණි අවස්ථාවේදී එම පුද්ගලයාව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවද පරික්සණ සිදු කරන මාන් කුලම් පොලිසිය පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
No comments:
Post a Comment