7 වනදා තීන්දුවෙන් පසු ජනපති ධූරය කරුට හිමි කරගන්නත් පුළුවන්ලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 19, 2018

7 වනදා තීන්දුවෙන් පසු ජනපති ධූරය කරුට හිමි කරගන්නත් පුළුවන්ලු


රට දේශපාලන වශයෙන් අස්ථාවර බව යම් හෙයකින් අග විනිසුරුවරයා පිළිගතහොත් ජනාධිපතිධූරයද
කතානායකවරයාට දැරිය හැකි ප්‍රතිපාදන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණෟඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බවත් අගවිනිසුරුවරයා එය පිළිගතහොත් ජනාධිපතිධූරයද කතානායකට හිමිවන බවත් ය.

අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බැලීමෙදි චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇත්දැයි යන්න විමසා බලන බව මෙහිදි සඳහන් කළ මන්ත්‍රිවරයා ලබන 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව එය තිරණය වන බවත් සඳහන් කර සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad