මම දමා ගැසුවේ බයිබලය නෙමේ වෙන පොතක් - ජොන්ස්ටන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 19, 2018

මම දමා ගැසුවේ බයිබලය නෙමේ වෙන පොතක් - ජොන්ස්ටන්


පසුගිය දින පාර්ලිමේන්තුවේදී තමා විසින් ශුද්ධ වූ බයිබලයකින් දමා ගැසුවේ යැයි රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය හා ද්වේෂ සහගත වූවක් බව අමාත්‍ය
ජොන්ස්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

විශේෂයෙන්ම විපක්ෂයේ කතෝලික මන්ත්‍රිවරුන් වන නිරෝෂන් පෙරේරා, හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක වැනි අය ආණ්ඩුවට මඩ ගැසීමට තමන් අදහන ආගම පවා පාවිච්චි කිරීම පව්කාරකමක් ලෙසට තමා දකින බවද අමාත්‍යවරයා කීය.

ජනතාව තුළ තම පාර්ශ්වය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමට මෙයාකාරයෙන් ආගම හා ශුද්ධ වූ බයිබලය පාවිච්චි කිරීම තුළින් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයේ දේශපාලන බංකොලොත්භාවය යැයිද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ තමාගේ ආගමට කොතරම් ගරු කරනවාද යන ආගමික නායකයන් හොදින් දන්නා බවත් මෙලෙස ආගම් යොදාගෙන කරන මඩ ප්‍රචාර සඳහා රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය මහත්වරුන් අනුබල දීමද කනගාටුදායක බවයි.

තමා පොතකින් දමා ගැසූ බවත් එය බයිබලය නොවන වෙනත් පොතක් වීම නිසා ගැටලුවක් නොවන බවත් එවැනි අවස්ථාවක ඇතිවූ ආවේගය මත පොත් වලින් ගසාගනිමින් සටන් වැදීම සාධාරණ බවත් ඔහු ඒ සමගම අදහස් දැක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad