2015 පොරොන්දු පත්‍රයට අනුව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සදාචාර විරෝධීයි - සරසවි ඇදුරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 19, 2018

2015 පොරොන්දු පත්‍රයට අනුව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සදාචාර විරෝධීයි - සරසවි ඇදුරන්



රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය සහ එහිදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම සඳහා පුරවැසියා ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමාජ සාධාරණත්වය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් ඊයේ(18) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
පසුගිය 26 වැනිදා අගමැතිවරයා මාරු කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයත් සමඟ මේ වනවිට රට දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුධයකට ගොස් ඇතැයි ද දේශපාලකයා, මාධ්‍ය හා පුරවැසියාට මේ මොහොතේ විශාල කාර්යභාරයක් ඇතැයිද මාධ්‍ය හමුව අමතා අචාර්ය අතුල සමරකෝන් මහතා පැවසීය.


2015 වසර වනවිට පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බහුතරක් පෙළ ගැසුනු බවත් මේ මොහොතේ ද සිදුවන ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමට එරෙහිව නැගී සිටියයුතු බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. එසේම ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සංස්කෘතියේ නරඹන්නන් නොවී එය වෙනස්කිරීමේ පාර්ශවකරුවන් වියයුතු යැයි එම මහත්මිය වැඩිදුරටත් පැවසූවාය.

මේ මොහෙතේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාශය සැළකීමේ දී වඩා අවශ්‍යවන්නේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී සහ ආචාරධර්ම විරෝධී අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව ස්ථාවරව සිටීම බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. එසේම 2015 ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදුකිරීමේ කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොවන බවද ඒ මහතා පැවසීය.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය ප්‍රියාන් ඩයස් ආචාර්ය දිලීප විතාරණ,ආචාර්ය ශ්‍රියන්ත ප්‍රනාන්දු, ආචාර්ය මහීම් මෙන්ඩිස්, කථිකාචාර්ය සුපුන් දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය,  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, මහාචාර්ය චන්දන අබේරත්න, ආචාර්ය අනුර කරුණාතිලක ඇතුළු විද්වතුන් රැසක් මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad