‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් යාපනයේ නිවාස 1000 කට හානි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 18, 2018

‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් යාපනයේ නිවාස 1000 කට හානි


ගජ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 1000 කට අධික සංඛ්‍යාවකට හානි සිදු ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

එහි සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ,

ඉන් නිවාස 89 ක් පුර්ණ නිවාස හානි ලෙස වාර්තා වී ඇති බවයි.

නිවාස 978 කට අර්ධ හානි සිදු ව තිබේ.

ගජ සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්, යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15 කට බලපෑම් එල්ල වී ඇතැයි ද සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ ය.

එහි පවුල් 1504 ක පුද්ගලයින් 5570 දෙනෙකු පීඩාවට පත් ව සිටි.

මේ අතර අවතැන් වූ පවුල් 14 ක පුද්ගලයින් 45 දෙනෙකු මේ වන විට සහන කඳවුරු දෙකක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේ ය.

එහි සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, හානි වූ නිවාස ලාභීන් සඳහා මූලික අත්තිකාරම ලෙස රුපියල් දස දහසක මුදලක් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

හානි වූ නිවාස තක්සේරු කිරීම හෙට සිට ආරම්භ කෙරෙනු ඇති.

සහන කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව ද චමින්ද පතිරාජ මහතා පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad