කාවින්ද-හිරුණිකා මුල්ලක පෙම් කෙලිද්දී වෙදආරච්චි සරම ඉස්සුවා - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 18, 2018

කාවින්ද-හිරුණිකා මුල්ලක පෙම් කෙලිද්දී වෙදආරච්චි සරම ඉස්සුවා - විමල්

සුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඇමති විමල් වීරවංශ මෙසේ අදහස් දක්වා සිටියේය.
'එක පැත්තකින් පාර්ලිමේන්තු මූලාසනයේ ඉන්න කරු මයා කියනවා අග්‍රාමාත්‍යවරයාව පිළිගන්නෙත් නෑ.
කැබිනට් මණ්ඩලය පිළිගන්නෙත් නෑ කියලා. එතකොට මොන භූතයට විරුද්ධවද විශ්වාස භංගෙ ගේන්නේ. සමහර වෙලාවට සඳුදත් ගෙනෙයි. සමහර වෙලාවට බලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ ලෝකයේ විශ්වාස භංග වැඩිම ප්‍රමාණයක් කෙටිම කාලයක් තුළ ගෙනවිත් සම්මත කරන කතානායකයාය කියල ලෝක වාර්තාවක් තියන්න අදහස් කරනවාද දන්නෙ නෑ.


දැන් මේ කතානායකවරයාට ඇත්තටම එක වෙලාවකට හිතෙනවා අත්තන ඇට කැවිලද කියලා. නැත්නම් අර පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය ඉන්න මුල්ලකට ගිහිල්ලා වේත්‍රදාරියා සෙන්කෝලය කරේ තියාගෙන පොලිසිය වටකරගෙන යෝජනා සම්මත වුණාය කියලා විහිලු සපයලා මේ කාටද මේ අවමානය කරන්නේ..මේ රට නේද හෑල්ලු කරන්නේ..පාර්ලිමේන්තුවට පිහි අරගෙන ආපු මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නා ඊයෙත් එනවා පාර්ලිමේන්තුවට..

 දැන් අර කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍යයටත් කියනවා. ඒක පිහියක් නෙමෙයි පෑනක්. හැබැයි පිහියක් ගෙනාවනම් අනිනව මං අනිවාර්යයෙන් කියලා.
මං දන්නෑ අර වොඩ්කා වතුර වුණා වගේ වෙලා තියෙන්නේ.. රන්ජන් රාමනායක මහත්තයා නම් සමහරවිට කැමරා හතර අතේ තියන නිසා චිත්‍රපට ජවනිකාවක් රූගත කරනව කියල හිතල එහෙම ගේන්න පුලුවන්. ඒත් තෙවරප්පෙරුමට එහෙම හිතන්න විදිහක් නෑ.

මේ රටට තවදුරටත් මෙවැනි අශ්ලීල වාතාවරණයක් සහිතව ඉදිරියට යන්න බෑ. ඒ නිසා අපේ පාර්ලිමේන්තු කන්ඩායම සඳුදා රැස්වෙලා අධිකරණයෙන් අපි ඉල්ලනවා. මේ රටේ ඇතිකරමින් තිබෙන මේ අස්ථාවරත්වය හා අරාජිකත්වය පිලිබඳව. ඒ ගැන  සිතා බැලීමේ වගකීමකුත් එතුමන්ලට තිබෙන බව අපි විශ්වාස කරනවා.

ඔබ දකින්න ඇති හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මේ ඡායාරූප තියනවා..පාර්ලිමේන්තුවේදී සරම උස්සලා පෙන්වනවා තම යට ඇඳුම පේන විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට.. අපි ගාව ඒ ඡායාරූප තියනවා.
 එහෙම පිස්සන් කොටුවක් වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව. ඒ අතරේ කාවින්ද මන්ත්‍රීතුමා හිරුනිකා මන්ත්‍රීවරිය එක්ක පාර්ලිමේන්තුවේ මුල්ලකට වෙලා මං දන්නෑ තිත් ටිකක්.. එහෙම පාර්ලිමේන්තුවක් එක්ක රටකට ඉස්සරහට යන්න පුළුවන්ද.. අතන පෙම් කෙලිනවා.. මෙතන සරම උස්සනවා මොකක්ද මේ වෙන්නේ..'

No comments:

Post a Comment

Post Bottom Ad