අපේ ඇමැතිවරු 4ක් රෝ ඔත්තු සේවයේ - අමරවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 22, 2018

අපේ ඇමැතිවරු 4ක් රෝ ඔත්තු සේවයේ - අමරවීර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයට හා ඉන්දියාවට විරුද්ධව කළේ යැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පළ කළ පුවතට අදාළ තොරතුරු ඉන්දීය මාධ්‍යවේදිනියට දී ඇත්තේ ලංකාවේ ඇමතිවරුන් සිවු දෙනෙකු බවද ඔවුන්ට ඉන්දියාවේ රෝ ඔත්තු සේවයක් සමඟ සම්බන්ධකම් ඇති බවද ඔවුන් පිළිබඳ තොරතුරු ඉදිරි
කාලයේදී හෙලිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙරේදා (20) පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බෙලිඅත්ත, පුවක්දණ්ඩාව ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමින්.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය. "ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියා පසුගිය දිනවලදී පුවත්පත්වල පළවුණා. මේවා සම්පුර්ණයෙන් අසත්‍යයි. ඉන්දීය මාධ්‍යවේදිනිය කියනවා ඇමතිවරුන් හතරදෙනෙක් තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕන ඒ ඇමතිවරු කවුද කියලා. අපිට සැක දෙදෙනෙකු දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය

තහවුරුකරගත්තම කියන්නම්.
එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කථා නොකළ දෙයක් ගැන කථා කිරීම බරපතළ වැරැද්දක්. ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයෝ එක්ක ගනුදෙනු කරනවා නම් ඒකත් බොහොම වැරැද්දක් අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමතිවරුන් රෝ ඔත්තු සේවයත් එක්ක සබ්බන්ධවෙලා. ඒ වාරිතාකාරයෝ හරහා රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන අය ගැන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා.
කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂ කිරිමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්කයි ජාත්‍යන්තරයත් එක්කයි තරහ කරවන්නේ එනම් කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එළවීමේ වගකීම අපේ නායකයන්ට තිබෙනවා" යැයි හෙතෙම පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad