ජපානයේ නිෂ්පාදිත ගුවාසෝ හයිවේ නෞකාව ප්‍රථම වරට හම්බන්තොටට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 22, 2018

ජපානයේ නිෂ්පාදිත ගුවාසෝ හයිවේ නෞකාව ප්‍රථම වරට හම්බන්තොටට


ජපානයේ කේලයින් ෂියින් සමාගමට
අයත් මෝටර් රථ 7,500ක් රැගත්

“ගුවාසෝ හයිවේ විශේෂිත නෞකාව ප්‍රථම වරට 18 වැනිදාට හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය. වාහන 7,500ක් රැගත් මෙම නෞකාව ප්‍රථම වරට ජපානයෙන් ගමන් ආරම්භ කර තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේය. එසේ ගමන් ආරම්භ කළ මෙම නෞකාව සිංගප්පූරුවේ සිට 18 වැනිදා දහවල් හම්බන්තොට වරායට පැමිණියේ මෙරටට ගෙන්වන ලද මෝටර් රථ ප්‍රමාණයක් හා ප්‍රතිඅපනයනය කිරීමේ සඳහා රැගෙන ආ මෝටර් රථ 1000ක් ගොඩබෑම සඳහාය.

මෙහි විශේෂත්වය වන්නේ මෙම නෞකාව ලංකාවට පැමිණි පළමු වතාව වීමයි. නෞකාව ලංකාවට පැමිණි ප්‍රථම ගමන් වාරය සිහි වීම පිණිස නෞකාවේ කපිතාන්වරයා හා හම්බන්තොට ඉන්ටර්නෂනල් ෆෝට් ප්‍රොජෙට් ක්‍රියාකරවන කොට්ඨාසයේ සාමාන්‍යාධිකාරී ෂයිල් පීරිස් මහතා අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කෙරීණි. නෞකාව 19 වැනිදා අලුයම 1.00ට පමණ කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගියේය.


-රෝෂන් රාජික-

No comments:

Post a Comment

Post Bottom Ad