රාජිත-මංගල එලිපිට ගැටේ.. බොරු කියන්නේ කවුදැයි සිතා ගත නොහැකිව රාජ්‍ය යාන්ත‍්‍රණය අමාරුවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

රාජිත-මංගල එලිපිට ගැටේ.. බොරු කියන්නේ කවුදැයි සිතා ගත නොහැකිව රාජ්‍ය යාන්ත‍්‍රණය අමාරුවේ..

විශේෂඥ වෛද්‍යවරුන්ට රජය විසින් පනවන ලද 24%ක ආදායම් බදු ප‍්‍රතිශතය 15% දක්වා අඩු කිරීමට තීරණය කල බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඔහු සදහන් කරන්නේ ඊයේ දිනයේ මුදල් ඇමතිවරයා සමග පැවති සාකච්චාවකචී මෙම තීරණය ගත් බවයි. මෙම ප‍්‍රකාශය බැහැර කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසන්නේ කිසිදු වෘත්තිකයෙකුගේ ආදායම් බදු ප්‍රතිශතයක් අඩු කිරීමට තීරණය කර නැති බවයි.

කිසි ලෙසකින් එවැන්නක් කල නොහැකි බවද පවසන සමරවීර මහතා නව දේශීය අදායම් පනත අනුව අයකරන බදු ප්‍රතිශතයන්හි කිසිම වෙනසක් සිදු නොකරන්නේ යයිද අවධාරණය කරයි. 14%ක් ලෙස පැවති තම ආදායම් බද්ද 24% තෙක් ඉහළ සම්බන්ධයෙන් වෛද්‍යවරු දිගින් දිගටම දැඩි විරෝධය පල කරමින් සිටිති.

මෙම තත්වයත් මත ඉදිරි කටයුතු කරගෙන යන්නේ කාගේ ප‍්‍රකාශයන් මතදැයි තීරණයක් ගත නොහැකිව අමාත්‍යංශයන්හි ඉහලම නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad