කතානායක තමන්ගේම දේශපාලන ඉතිහාස භාවිතයට පස්ස හරවා පයින් ගහයි…. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

කතානායක තමන්ගේම දේශපාලන ඉතිහාස භාවිතයට පස්ස හරවා පයින් ගහයි….

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය මන්ත‍්‍රීවරුන් 70ක් සිටින ඒකාබද්ද විපක්‍ෂයට ලබා දීම සදහා කතානායකවරයා දේශපාලන පක්‍ෂවලින් විමසීමේ කිසිදු උවමනාවක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් කතානායක කරු ජයසූරිය එසේ කටයුතු කිරීමෙන් තමන්ගේම අතීත භාවිතයට එරෙහි වීමක් සිදු කර ඇති බවයි. 2003 වසරේදී පාර්ලිමේන්තුවේදී එජාපය අතහැර තවත් මන්ත‍්‍රී පිරිසක් සමග ආණ්ඩුවට එක් වූ වත්මන් කතානායකවරයාගේ දේශපාලන ස්ථාවරය එදා කතානායකවරයා විසින් පිලිගත් බව ඔහු පෙන්වා දෙයි.

එවකට කතානායකවරයා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඒ පිලිබදව මතය විමසීමක් සිදු නොකල බවත් පාර්ලිමේන්තුවේ බහුතරය හා මන්ත‍්‍රීවරුන්ගේ හෘද සාක්‍ෂිය අනුව පමණක් කටයුතු කල බවත් හිටලූ අගවිනිසුරුවරයා සිහිපත් කරයි.

වත්මන් කතානායකවරයාගේ හැසිරීම අනුව ඔහු ඉතිහාසයේ පක්‍ෂග‍්‍රාහීම මෙන්ම ප‍්‍රජාජතන්ත‍්‍ර විරෝධීම කතානායකයා බව හැගී යන බවත් ඔහු කටයුතු කරන්නේ කතානායක අසුනට ගැලපෙන ලෙස නොව සිරිකොතේ හා ජනාධිපති මන්දිරයේ හිතෛෂියෙකු ලෙස බවත් පෙනී යන්නේ යයිද සරත් එන්ද සිල්වා මහතා තව දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad