මේ ආණ්ඩුව දිගටම ඔ්නෑ.. ඒකාබද්දයට ආණ්ඩු කරන්න ඉඩ දෙන්නේ නෑ..- ඇමරිකා තානාපති කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

මේ ආණ්ඩුව දිගටම ඔ්නෑ.. ඒකාබද්දයට ආණ්ඩු කරන්න ඉඩ දෙන්නේ නෑ..- ඇමරිකා තානාපති කියයි..

වත්මන් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාම තම උවමනාව බවත් ඒකාබද්ද විපක්‍ෂයට ආණ්ඩුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන බවටත් කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරයා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ දින කිහිපයකට පෙර ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු සමග කොළඹ තරු හෝටලයකදී පැවති සාකච්චාවකදීය. ඇමෙරිකානු තානාපතිවරයා සමග මෙම සාකච්චාව සදහා ජර්මනියේ හා කැනඩා තානාපතිවරුන් ද එක්ව සිට ඇති අතර බි‍්‍රතාන්‍ය හා ඉන්දීය තානාපතිවරුන් අවශ්‍ය අවස්ථාවන්හි දුරකතනයෙන් සාකච්චාවට එක්ව තිබේ.

ශ‍්‍රී ලංකාව තුල ආණ්ඩු පෙරළියට ඇමරිකාව දායක වුවද ඉන් තමන් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් නොලද බවත පවසා ඇති ඇමරිකානු තානාපතිවරයා අද පවතින තත්වය ගැන සතුටු නැතත් තමනට දැන් විකල්පයක් නැතැයිද සදහන් කර ඇත. කෙසේ හෝ මෙම ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන බවත් එනිසා විපක්‍ෂයට ඉඩක් දෙන්නට සූදානම් නැති බවත් නාතාපතිවරයා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවැත්වීම සදහා ආණ්ඩුවට ඉඩ දෙන බවත් මැතිවරණ කල් දැමීම නිසා රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතැයි ජනතා මතයක් ඇති වන බවත් පවසා ඇති තානාපතිවරයා තම සමීක්‍ෂණයන්ට අනුව විපක්‍ෂය ජයගන්නා බවද සදහන් කර තිබේ. නමුත් ආණ්ඩුවක් පවත්වාගෙන යන්න නොලැබෙනු ඇති බවත් තානාපතිවරයා පවසා ඇත.

ඊට ප‍්‍රතිචාර දක්වා ඇති ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලවා පෙන්වා දී ඇත්තේ අද වන විට ජනතාව සිටින්නේ තම පාර්ශවය සමග බවත් ජනතාව නැතත් ඉල්ලන්නේ මහින්ද රාජපක්‍ෂ බවත් මොන තරම් වියදම් කලත් මෙවර ජනතාව රැුවටිය නොහැකි වනු ඇති බවත්ය. කෙසේ වෙතත් කොළඹ සිටින වත්මනක් ඇමරිකානු තානාපති අතුල් කේෂාප් පැවති ඔබාමා පාලනය විසින් පත් කරන ලද්දෙක් වන අතර ඔහු නුදුරේදීම ධුර කාලය අවසන් වී ආපසු ඇමරිකාව බලා යාමට නියමිතය. ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ විදේශ ප‍්‍රතිපත්තිය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ කෙසේදැයි මෙතෙක් පැහැදිලි නැත.

No comments:

Post a Comment

Post Bottom Ad