වාස් වසර පහකට සිරගෙට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 12, 2018

වාස් වසර පහකට සිරගෙට

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ.

2013 වසරේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී

අබේසේකර මහතාට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

ඉන් මරණිය තර්ජන එල්ල කිරිමේ චෝදනාව වැඩිබර සාක්ෂි මත ඔප්පුකර ඇති බැවින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) එම නියෝගය නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad