10 දා නොසිතූ ලෙස පරිගණක පද්ධතිය බිඳ වැටුණා රිසල්ට් දුන්නේ මැනුවලි -දෙපාර්තමේන්තු පරිගණක අංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 12, 2018

10 දා නොසිතූ ලෙස පරිගණක පද්ධතිය බිඳ වැටුණා රිසල්ට් දුන්නේ මැනුවලි -දෙපාර්තමේන්තු පරිගණක අංශය


10 රෑ නොසිතූ ලෙස
පරිගණක පද්ධතිය බිඳ වැටුණා

ඉලෙක්ෂන් රිසල්ට් දෙන්න වුනේ මැනුවල් ක්‍රමයට
-දෙපාර්තමේන්තු පරිගණක අංශය

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට ප්‍රධානම හේතුවක් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය විසින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිර්මාණය කළ මෘදුකාංග පද්ධතිය අනපේක්ෂිත ලෙස  ආරම්භයේදීම බිඳවැටීම බව වාර්තාවේ.
මේ පිළිබඳව භාරව සිටි ප්‍රවීණ මදුකාංග ඉංජිනේරුවකු සඳහන් කළේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේ සිටම
මෙම මෘදුකාංගයේ දෝෂ මතුවූ බවයි.
පෙරේදා (10) රාත්‍රියේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල නිකුත් කරද්දී මෘදුකාංගයේ දිනය ලෙස සටහන්ව ඇත්තේ 2013.02.06 වශයෙනි. මීට අමතරව පළාත් පාලන ආයතන කිහිපයකම ඡන්ද ප්‍රතිඵලවල දත්ත කැවූ පසු අසාමාන්‍ය ගණනය වෙනස්කම් මතුවූ අතර ඒවා

යළි නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු විය.
මෘදුකාංග පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ඇතැම් දත්ත පරීගණකයට මැනුවල් ක්‍රමයට ඇතුළු කරන්නට සිදුවූ බවද දන්වා තිබේ.
මෙලෙස ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය බිඳවැටීම නිසා එහි අවසන් තිරය රූපවාහිනී මාධ්‍ය වෙත යොමු කරන්නට අපේක්ෂා කළ මාධ්‍ය ආයතන පවා අසීරුතාවයට පත්ව තිබේ.
මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමිෂන් සභාව සිය කනගාටුවද ප්‍රකාශ කළේය.
ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල සක්‍රියව යාවත්කාලීන වීම සඳහා යන්ත්‍රයක් සකසා තිබූ නමුත් සැලසුම් කළ පරීදි අදාළ දන්ත නොලැබීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇතැයි මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණි.
එම නිසා මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රියව යාවත්කාලීන කළ නොහැකි යැයි ද එම පර්ගණක පද්ධතියෙන් බැහැරව අදාළ ප්‍රතිඵල ලේඛන අතින් සකස් කිරීමට සිදුවූ බව සඳහන් වේ.
පරිගණක තාක්ෂණය ලංකාවෙ විශාල භාවිතයකින් නොමැති කාලයේ පවා පැරණි මෘදුකංග භාවිතයෙන් අපූරුවට නිකුත් කළ මෙම ප්‍රතිඵල හෙළිදරව් කිරීම මෙවර බිඳවැටීමට හේතුව කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද යන්න ගැන තවම වාර්තා නොවන අතර ඒ ගැන පරීක්ෂණ ඉදිරියේදී සිදු කරනු ඇති බවට වාර්තා පළවේ.
පහත දැක්වෙන්නේ සජීවීව වෙබ් අඩවි ඔස්සේ ලබාදීමට සූදානමින් සිටි කොමිසමේ වෙබ් අඩවිය පද්ධතිය අඩාලවූ පසු දැක්වූ සටහනයි.


No comments:

Post a Comment

Post Bottom Ad